CoDeKu DevOps Academy Blog - DevOps & Cloud Blogging Platform

මගේ අලුතෙන් හැදෙන 03-Storey House එකට හොදම Networking & Fiber Internet Connection එක Setup කළේ කොහොමද?

මුලින්ම කියන්න ඕන මේක Post Series එකක පලවෙනි එක. මේ series එකේ මම Practically මගේ අලුතෙන් ඉදි වෙන House එක example එකක් විදියට පාවිච්චි කරගෙන ඔයාලාට වටිනාම networking fundamentals ටික කියල දෙනවා , වැඩේට ආසාවක් ඇති වෙයි, මොකද ඇත්තටම දේවල් කරන විදිය කතා කරනවා networking fundamentals ටිකේ ඉදන්. මෙහෙම නැතිව පොත් කියවල , chatgpt එකට කියල ලියවල ගත්තට වැඩක් නැහැ. කරලම බලන විදිය මම කියල දෙන්නන්කෝ මගේ අලුතෙන් හැදෙන නිවස උදාහරණයක් කරගෙනම.

පහල post ටික දැනට plan කරලා තියෙන්නේ.

  • 1 – මගේ අලුතෙන් හැදෙන Three-Storey House එකට හොදම Networking & Fiber Internet Connection එක Setup කළේ කොහොමද?
  • 2 – Full Smart Home System එකක් අලුත් ගෙදරට setup කරපු විදිය බින්දුවේ ඉදන්
  • 3 – 8 Channel DVR එකක් එක්ක Security Cameras setup නිවසට plan කරපු විදිය මුල ඉදන්
  • 4 – Solar එකක් එක්ක 0 Electircity bill එකට Plan එක හදපු හැටි මුල ඉදන්

මේක තමා ඉගෙන ගන්න තියන සහ ඔයා ඉගෙන ගත්ත දේවල් ඇත්තටම practise එකට ගන්න සහ ඇත්තටම ඔබ දේවල් හොදටම, fundamentals හොදටම ඔලුවට ගිහින්ද තියෙන්නේ කියල ඕනෑම දෙක තමන්ටම evaluate කරගන්න තියන විදිය.

මුලින්ම මගේ Ongoing Housing Project එකට සම්බන්ධ මගේ අත්දැකීම්වලින් පටන්ගමු. ඉතින් Masonsලා, Architectලා, Structural Engineersලා, Carpentersලා, Electricianලා, සහ Plumberලා සම්බන්ධ කරගෙන මම බින්දුවේ ඉඳන් හැමදේම plan කරන්න ගත්තේ ගිය අවුරුද්දේ (2023 දෙසැම්බර් සිට). මොකද මට ඕනි වුණා කිසි අඩුවක් නැති perfect plan එහෙකට යන්න.

Full Housing Project Video Series in YT Channel
Networking Fundamentals Post Series
ඉතින් මේ කතන්දර ටික පස්සේ වෙනම කතා කරමු House Project Playlist එකෙන් Youtube එකේ, මෙතන අපි IT වල Networking Fundamentals ම focus කරපු Post series එකක් බලමු තේ එකක් එහෙම බොන ගමන් කියවන්න.

ඇත්තටම එහෙම අවුරුද්දක් වගේ මේ වෙද්දී වැඩේ continue වෙද්දී wiring, circuits, water pressure systems, civil engineering, structural engineering, slab reinforcement සහ තට්ටු ගොඩනැගිල්ලක load distribution එක වෙන විදිය වගේ ගොඩක් දේවල් පවා මාත් සෑහෙන මට්ටමකට ඉගෙනගෙන තිබුණා.😜😜

ඉතින් ඒ දේවල්වලට අපි අලුත් උනාට සහ අපිත් ඒවා ඉගෙන ගත්තට ඒ ඒ steps වලදී, මෙන්න මේ අලුතෙන් හදන නිවසට අවශ්‍ය කරන networking & Fiber Optic Internet Connection එක කියන දේ ඉදල මට තේරුණා මට ලොකු involvement එකක් දෙන්න පුළුවන් කියල. මොකද දෙය්යනේ අපේ subject එකක්නේ මේක Networking Fundamentals නැතිව මොන DevOps ද නේද ? 😆😆

ඒක නිසාම මගේ දැනුම සහ අත්දැකීම් එක්ක මුළු Floors තුනම Network කරලා fiber optic internet system එකට connect කරන වැඩේට ලොකුවට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මාත් Electricianලා සහ Plumberලා එක්ක ගොඩක් සමීපව වැඩ කලා මට ඕනි විදියටම වැඩේ කරගන්න.

සරලව අපේ Community එකට Networking Fundamentals ඕනෑම දේවල් ටිකක් එක්ක explain කරලා දෙනවා , ඔන්න ආයේ මේවා ඉගෙන ගන්න ඕන වෙන්නෙම නෑ මේ post එකෙන් පස්සේ. Hardware/Physical Device Level එකේ ඉදලම යන්න පුළුවන්, ඔයාලට set වෙන්නෙත් නෑ වෙන මෙහෙම example use case එකක්.

Networking Fundamentals Explained Simply
මම අද මෙතනදි Fiber Optic, Internet, Routers, Switches, Ethernet සහ Wi-Fi ගැන technical දේවල් වගේම practically භාවිතා වෙන විදියත් මගේ setup එක හරහා ගොඩක් සරළව පැහැදිළි කරනවා.
🔥 පොඩි Tip එකක්!
අලුතෙන් modern type එකට ගෙයක් හදන අපේ ළමයිට, මේ Wiring & Networkin area එකේ දේවල් කරද්දී, විශේෂයෙන් Cable වගේ ඒවා floors, වලට ගෙනියද්දි, ගෙදර කපරාරුවට කලින්ම plan කරගන්න Roughly. මොකද මේවා walls කඩල conduit tubes ඇතුලෙන් යවන්න ඕන. කපරාරුව කරාට පස්සේ කරන්න තියන කැඩිල බිදිලි පුළුවන් තරම් අවම කරගන්න. 🚀

සැලැස්ම – මම මගේ Network Setup එක Design කළේ කොහොමද?

තට්ටු තුනේම වේගවත් වගේම stable internet connection එකක් තියාගන්න මම හදපු plan එක:

  • 1. Fiber optic internet system එක නිවසට සම්බන්ධ කරලා install කරන්න plan කරල තියෙන්නෙ ground floor එකේ තියන මගේ Home Office Room එකේ
  • 🚀 Future Workspace Setup!
    මෙතන තමා ඉස්සරහ දවසකදී මම මගේ workspace එක setup කරන්නේ. වෙනම studio room එකක් තියනව තුන් වන මහලේ, ගෙදර වැඩ ඉවර උනාම tour එකක් දාන්නම්කො! 🎬
  • 2. Router එකත් ඒ room එකේම place කරනවා.
  • 3. Ground Floor එකේ ඉදල 1st & 2nd floors වලට network switch එකක් හරහා connection එක පුළුල් කළා.
  • 4. Floors 03 අතර රැහැන්ගත සබඳතා(wired connection) සඳහා Cat6 Ethernet cables භාවිතා කළා.
  • 5. Strong රැහැන් රහිත සබඳතා(wireless connection) සඳහා හැම floor එකකම Wi-Fi access points(AP) install කළා.

මේ setup එකෙන් TV වලට, PC වලට සහ smart devices වලට අධිවේගී රැහැන්(Wired) සම්බන්ධතා සහ නිවස පුරා ශක්තිමත් Wi-Fi connection එකක් හදාගන්න පුළුවන්.

Networking පිලිබඳ මූලික කරුණු අවබෝධ කරගැනීම

මේ section අපේ Community එක හොදට ඔලුවට ගන්න. හරි ලස්සනයි අපේ Softwaree Field එකේ මේ Domain එක. අනිත්වත් මෙහෙමම තමයි, ලස්සනට ඉතින් කියල දෙන්න ඕන, හරියට දන්නා කෙනෙක්.

මගේ setup එක පැහැදිලි කරන්න කලින් networking ගැන basic concepts සරලව තේරුම් ගමු.

පහල තියෙන එක එක දේවල් ගැන dedicated blogs ලියල තියනව වැඩි දුර ඕව ගැන දැනගන්න. උදාහරණයකට Ethernet ගත්තොත් එක ගැන වෙනම article එකක් එනව මුල ඉදන් අගට Ethernet කන්න පුළුවන් තරමට. ඉතින් දැනට මේවා සරලව එකිනෙකට සම්භන්ද වෙන්නේ කොහොමද setup එකකදී කියල ඔලුවට දාගන්නයි ඕන. වැදගත්ම දේ 🚀

Fiber Optic Internet යනු කුමක්ද?

මේක සහෘද්දයෙනි, වඩා වේගවත් සහ වඩාත්ම ස්ථාවර internet connection වර්ගයයි.

  • තඹ වයර් වෙනුවට (පැරණි ADSL connection එහෙම තියනව), fiber optic cables ආලෝක සංඥා භාවිතයෙන් තමා දත්ත යවන්නේ.

  • ඔයා හොදට බැලුවොත් මේ කේබල් තුනී වීදුරු හරි ප්ලාස්ටික් තන්තු වලින් තමයි හදල තියෙන්නේ. ඉතින් එක නිසාම මේවගේ දත්ත, ආසන්නව ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමට වගේ පුළුවන් කමක් තියනව
  • Fibers සම්ප්‍රදායික DSL හෝ cable internet වලට වඩා වැඩි speed එකක් අඩු latency එකකින් දෙනවා.
Fiber Optic Cable

A Fiber Optic Cable

💡 Fiber කියන්නෙ data transfer කරන්න යොදාගන්න highway එකක් වගේ. ඒක ගොඩක් fast වගේම පරණ network වලට සාපේක්ෂව අඩු traffic එකක් තමයි තියෙන්නෙ.

භාවිතා කළ හැකි internet එකක් බවට fiber පත්කරගන්නේ කොහොමද? (Fiber Modem/ONT)

Fiber optic signals ඔයාගෙ ගෙදරට ආවට ඒක කෙලින්ම computers,routers හෝ Wi-Fi වැනි සාමාන්‍ය උපාංග මගින් භාවිතා කරන්න පුළුවන් වෙන්නෙ නැහැ.

  • 1. Internet Service Providerr(ISP) මඟින් Fiber Modem එකක් install කරනවා (ONT – Optical Network Terminal)
  • 🌐 ISP කියල කෙටියෙන් කියන්නේ Internet Service Provider. මේ ගැන වෙනම article එකක් එනව. නමුත් දැනට ISP කෙනෙක් කියල කියන්නේ, මෙහෙම හිතන්නකෝ.
    ඔයාට YouTube බලන්න ඕන. හැබැයි බලන්නනම් internet ඕන connect වෙන්න. හැබැයි අපිට එහෙම direct internet එකට connect වෙන්න විදියක් ගෙදර නැහැ. අන්න එතැනදී තමයි කව්රුහරි ඒ අදාළ රටේ ඉන්න company එකක් ඔයාව මේ internet එකට සම්භන්ද කරල දෙනවා මොකක් හරි විදියකින්. අපිට ඒක වැඩක් නැහැ දැනට, හැබැයි ඔයාට ඕන දේ එයාල කරලා දෙනවා monthly payment එකක් කරන්න ඕන අපි ඒ අදාල company එකට. (ඔයාල ඔය Dialog, SLT කියල දන්නව නේද, අන්න ඒ ගොල්ලෝ එහෙම අය තමයි)
  • 2. ONT එකෙන් fiber optic signals, Ethernet signals වලට convert කරනවා.
  • 3. Ethernet signals කියල කියන්නේ සාමාන්‍ය network devices වලට තේරුම් ගන්න පුළුවන් විද්‍යුත් සංඥා.

මේ step එකේදී අපිට internet තියෙනවා. හැබැයි එක තැනකට විතරයි.(ONT එක install කරපු තැනට)

ONT - Optical Network Terminal

ONT – Optical Network Terminal

💡 ONT හරියට පරිවර්තකයක් වගේ කියල හිතන්න. ඒක අපේ සාමාන්‍ය උපාංගවලට භාවිත කළ හැකි පරිදි fiber සංඥා Ethernet බවට පරිවර්තනය කරනවා.

Router එකක් යනු කුමක්ද සහ එය කරන්නේ කුමක්ද?

Router එක තමයි අපේ network එකේ brain එක. නිවස තුළ internet එක බෙදාහරින එක පාලනය වෙන්නේ එතනින්

  • Router එක Ethernet cables හරහා ONT එකට සම්බන්ධ වෙනවා.
  • එයට Ethernet(රැහැන් සහිත) සහ Wi-Fi (රැහැන් රහිත) භාවිතා කරන උපාංග වලට internet ලබා දෙන්න පුළුවන්
  • මේක උපාංගවලට IP addresses පවරමින් එකිනෙකා සමඟ Communicate කරන්න වැඩේ හදල දෙනවා.
  • දැන් මේ IP Address කතා එන්නේ next article වල. මොකද ඒක මේ අපි කතා කරන hardware/physical layer එකෙන් පොඩ්ඩක් උඩ තියෙන mechanism එකක්. 🛑 කලබල එපා, ලස්සනට කියල දෙන්නම් ඊලග post වලින්! 🚀
  • නිවසේ network එක hackers ලගෙන් බේරගන්න firewall එකක් විදියටත් act කරනවා.
A Router

A Router

💡 Router එක හරියට post office එකක් වගේ. දත්ත නිවැරදි උපාංග වෙත යවන වැඩේ කරන්නෙ එතනින්

Network Switch එකක් යනු කුමක්ද සහ ඇයි මම එකක් භාවිතා කළේ?

Network Switch එකක් කියන්නේ තවත් wired devices සම්බන්ධ කිරීමට ඉඩදෙන Ethernet බෙදාහරින්නෙක් වගේ.

  • ඒ කියන්නේ, දැන් router එක ගත්තොත් , ඉතාම සීමිත Ethernet Ports ගානක් තමයි තියෙන්නේ devices connect කරගන්න.

  • හැබැයි switch එකක් හරහා මට මේ හැකියාව වැඩි කරගන්න පුළුවන් වෙනව. මේකෙන් වැඩි devices ප්‍රමාණයක් ethernet හරහා connect කරගන්න පුළුවන් වෙන්ව, router එකට වඩා වැඩි ethernet ports ප්‍රමාණයක් හරහා මේ connection එක expand කරලා දෙන්න පුළුවන් කමක් තියනව switch එකට.
  • අනෙකුත් floors වලට connection එක expand කරගන්න තමයි ඉතින් මේක යොදාගත්තේ
A Network Switch

A Network Switch

💡 Switch එක හරියට multi-plug adapter එකක් වගේ. ගොඩක් Ethernet ports වලින් ගොඩක් devices සම්බන්ධ කරගන්න පුළුවන්

Wi-Fi වෙනුවට Cat6 Ethernet Cables භාවිතා කරන්නේ ඇයි?

Wi-Fi පහසුයි, නමුත් ටිකක් ගැටළුකාරියි:

❌ බිත්ති සහ බිම නිසා signal අවහිරතා ඇති වීම.

❌ දුර සමඟ වේගය අඩු වීම.

❌ වෙනත් උපාංග වලින් බාධා ඇති වීම.

  • Ethernet cables වේගවත් සහ ස්ථාවර connection එකක් දෙනවා.
  • Cat6 කේබල් 1 Gbps (1000 Mbps) වෙනකම් support කරනවා. ගොඩක් reliable choice එකක්
  • Wi-Fi වලට වගේ බාධානම් ඇත්තෙම නැති තරම්
A Cat6 Ethernet Cable

A Cat6 Ethernet Cable

💡 Ethernet හරියට දත්ත වලටම හදපු direct wires තියෙන highway එකක් වගේ. Wi-Fi වලට වඩා ඉතා වේගවත් සහ විශ්වාසනීයයි.

මොනවද මේ Wi-Fi Access Points කියන්නේ?

Wi-Fi Access Point (AP) කියන්නේ විශාල ප්‍රදේශයක් හරහා Wi-Fi signals විහිදුවන device එකක්

  • මගේ රවුටරයේ Wi-Fi තට්ටු තුනටම එන්නේ නැති නිසා මම 1st & 2nd floorsවල Wi-Fi AP install කරනවා.
  • මේ AP සියල්ල Ethernet වලින් connect කරලා තියෙන නිසා වේගවත් සහ ස්ථාවර internet එකක් අනිවාර්යෙන් ලැබෙනවා.
  • සියලුම APs එකම Wi-Fi name සහ password එකක් භාවිතා කරන නිසා මට නිවස තුළ ඕනෑම තැනක connection drop නොවී කටයුතු කරන්න පුළුවන්. මේක මට අත්‍යවශ්‍ය දෙයක්.
Wi-Fi Access Points

Wi-Fi Access Points

💡 Wi-Fi APs හරියට signal towers වගේ.නිවස පුරා ශක්තිමත් Wi-Fi connection එකක් සහතික කරනවා.

මගේ Network SetUp එක – පියවරෙන් පියවර

දැන් අපි මූලික කරුණු තේරුම් අරගත්ත නිසා බලමු කොහොමද මම මේ network setup එක පියවරෙන් පියවර build කරන්නේ කියලා

පියවර 1:Fiber Internet Install කිරීම (බිම් මහල)

  • ISP එකෙන් install කල fiber connection line එක → Fiber මොඩමයට (ONT) සම්බන්ධ කරනවා.
  • ONT එකෙන් Fiber signals, Ethernet බවට පරිවර්තනය කරනවා.
  • Ethernet cable එකක් ONT සිට Router එකට connect කරනවා

📌 දැන්, මගේ router එකට ඔන්න internet access තියෙනවා.

පියවර 2: Router එක සැකසීම(බිම් මහල)

  • Ethernet cable එකක් භාවිතයෙන් ONT වෙත router එක සම්බන්ධ කළා.
  • Router එක විසින් Wi-Fi සහ wired internet බෙදා හැරීම ආරම්භ කළා.
  • Ethernet cable එකක් ONT සිට Router එකට connect කළා

📌 දැන්, මගේ router එක බිම් මහලේ පමණක් internet බෙදාහරිනවා.

පියවර 3: Network Switch එක Install කිරීම (බිම් මහල)

  • Router එකෙහි ඇති Limited Ethernet ports අනෙකුත් Floors වලට Connection දෙන්න කොහොමත් ප්‍රමාණවත් නැහැ
  • ඉතින් දැන් අපි, Router එකට Network Switch එක සම්බන්ධ කරගන්න ඕන
  • දැන්, මට අනිත් Floors වලට Connection එක expand කරන්න අමතර Ethernet ports ටික switch එක හරහා ඔන්න තියනව .

📌 ඔන්න දැන් මට මගේ Connection එක Ground Floor එකේ ඉදන් 1st and second floors වලට expand කරගන්න පුළුවන් උනා.

පියවර 4: සෑම මහලකටම Ethernet (Cat6) සබඳතා ගොඩනැගීම

  • Network Switch එකේ ඉදල, Cat6 Ethernet cables 1st & 2nd floors වලට දැන් යවන්න ඕන
  • හොඳ නිමාවක් ඕනි නිසා,මන් කලින් කිව වගේ බිත්ති තුලින් cables යවන්න ඔයාලත් වග බලාගන්න

📌 දැන්, මට සෑම floor එකකටම Wired(රැහැන්ගත) Internet(අන්තර්ජාලය) තියනව, මේ step එක ඉවර වෙද්දී.

පියවර 5: Wi-Fi Access Points Install කිරීම.

  • දැන් අපි මේ උඩ floors වලට ගෙනිච්ච Ethernet cable(එහෙම නැත්තම් CAT6 cables) වලට Wi-Fi Access Points(AP)කරනවා මේ step එකේදී
  • ඊට පස්සේ එන්නේ ඉතින් , APs වල අවශ්‍ය configuration කරන එක, ඒක අපි නිවසේ වැඩ ඉවර වෙලා එහෙම කතා කරමු. මේ අපි කතා කරන්නේ physical layer එක ගැන

📌 දැන්, මට මුළු නිවස පුරා strong Wi-Fi and Wired Internet connection එකක් තියනව මේ step එක ඉවර වෙද්දී !

අවසාන Network Diagram එක

📌 සියල්ල සම්බන්ධ වන ආකාරය:

Computer System Workflow

Network Diagram

දැන්, මගේ මුළු නිවස තුළම:

  • ✔ හැම floor එකේම High-Speed(අධිවේගී) Wired(රැහැන්ගත) Internet(අන්තර්ජාලය)
  • ✔ සෑම තැනකම Strong Wi-Fi Coverage එකක්
  • ✔ Future-Proof Network Setup එකක්
  • සදහා අවශ්‍ය කරන physical layer එක තියනව. ඉස්සරහට කතා කරමු තව උඩට ඇවිත් මේවා ගැන.

Final Thoughts

ඔන්න ඔය විදියට තමයි මම මගේ අලුත් Three-Storey නිවසට වේගවත් සහ ස්ථාවර internet connection එකක් හදාගන්න plan කරේ. මම හිතනව මේ Post එකෙන් ඔයාලට Networking ගැන basic concepts වගේම ඔයාගෙ නිවසටත් home network එකක් build කරන්නෙ කොහොමද කියල idea එකක් හම්බෙන්න ඇති කියලා.


ඊළඟ blog එකෙන් මගේ Smart Home Setup එක ගැන කතා කරන්න කැමතිද? එහෙනම් comment section එකේ ඒ ගැන දාගෙන යන්න! මේක හොදද, ඉස්සරහට හැමදේම DevOps වාල්ට එනකම් මෙහෙම practically ඕනද concepts එක්කම.😃

Share This Article

Nimesha Jinarajadasa
Nimesha Jinarajadasa
Articles: 7