Build Your Personal Brand

Think Beyond Boundaries

Personal Branding

අද කාලයේ ඔබ අන්තර්ජාලය භාවිතා කරනවා නම්, ඔබ දන්නා හෝ නොදන්නා, ඔබ සතුව Personal Brand එකක් දැනටමත් තිබෙනවා. ඒ ගැන ඔබ හිතුවේ නැතත් ලෝකය ඔබ ගැන already story එකක් කියවා ගනිමින් ඉන්නවා.

දැන් ප්‍රශ්නය මෙකයි ඔබේ ඒ ප්‍රතිරූපය (Brand එක) පාලනය කරන්නේ ඔබද?🤔 නැතිනම් එය අහඹු සිදුවීම් හෝ algorithms වලට ඉඩ දී ඔබ බලා සිටිනවාද?🤔

තීරණය ඔබ සතුයි. ඔබේ වෘත්තීය ජීවිතය හෝ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්නට උදවු වන “Personal Branding” ගැන සරලව, අපි අද කතා කරමු.

01

Personal Brand කියන්නේ මොකක්ද?

“Personal Brand” කියන වචනය ඇහෙනකොට, බොහෝ දෙනාට හිතෙනවා ඒක Businessmen ලාට හෝ Celebrities ලාට විතරක් අදාළ දෙයක් කියලා. ඒත් ඇත්තටම ඒ හිතුවිල්ල වැරදියි.

සරලවම කිව්වොත් පර්සනල් බ්‍රෑන්ඩ් එකක් කියල කියන්නෙ පුද්ගලයෙකුගේ දක්ෂතා, අත්දැකීම් සහ පෞරුෂය යන සියල්ලේ එකතුවක් ලෙස ලෝකය හමුවේ තමන්ව ඉදිරිපත් කරන ආකාරයයි.

වෙනත් විදිහට කිව්වොත්, ඔබ තෝරාගත් යම් ක්ෂේත්‍රයක පවතින සාම්ප්‍රදායික බවින් මිදී, ඔබටම අනන්‍යතාවයක් ගොඩනඟා ගෙන, ඔබේ වටිනාකමට ඉල්ලුමක් ඇතිවන කෙනෙක් බවට පත්වීමට Journey එක plan කිරීම තමයි Personal Branding කියල කියන්නේ.

Identity + Value + Demand

ඇයි ශක්තිමත් Personal Brand එකක් වැදගත්?

ඇත්තටම ශක්තිමත් Personal Brand එකක් කියන්නේ වෘත්තීයමය වශයෙන්, සමාජීය වශයෙන් වගේම පෞද්ගලිකවත් ඔබට අලුත් Opportunities විවෘත කරන යතුරක්.🤷🏻‍♀️

හොඳ Brand එකක් ගොඩනඟා ගත් කෙනෙකුට:

  • Job opportunities, promotions automatically find them.
  • Industry-wide authority & respect are gained.
  • Business, collaborations, partnerships are naturally attracted.
  • Their voice is given weight people listen.

“නූතන ලෝකයේ Visibility යනු ධනයකි. ලෝකය ඔබව දකිනවා නම්, ඔවුන් ඔබව විශ්වාස කරයි. ඒ විශ්වාසය තුළින් අවස්ථාවන් නිර්මාණය වෙයි. Personal Branding යනු එම විශ්වාසය සැලසුම්සහගතව ගොඩනගා ගැනීමයි.”

03. Strong Personal Brand එකක් හදාගන්නේ සහ මේන්ටේන් කරන්නේ කොහොමද?

Actually, this is not rocket science 😉. Let’s go! 🚀

Step 01

ඔබේ “විෂය” (The Thing) හඳුනාගන්න

පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ගොඩනගන්න කලින්, අපිට unique වෙච්ච විෂය පථය (niche) ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි.

  • 🔹What are you truly passionate about?
  • 🔹Where do you have knowledge or experience?
  • 🔹Who are you speaking to, and what challenges are they facing?
Step 02

ඔබේ Main Platform Focus එකක් තෝරාගන්න

සෑම platform එකකම ඉන්න උත්සාහ කරන්න එපා. එක platform එකකම හොඳට වැඩ කරලා, focus වෙන්න. That’s the secret to success 😉

💼 LinkedIn: Corporate/Professional
🎥 YouTube: Long-form / Deep
📱 TikTok: Short & Trendy
🎨 Instagram: Visual/Creative
Step 03

Value Always, Relentlessly

ආරම්භයේදී සෑම post එකකින්ම ‘What’s in it for THEM?’ යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය:

▸ Solving a problem?

▸ Making them laugh / Entertaining?

▸ Giving a new perspective?

▸ Inspiring them?

Step 04

Bold Point of View

සැමවිටම “Comfortable/safe Zone” එකක සිටීමෙන් Brand එකක් ගොඩනැගිය නොහැක. චුම්බකයක් (Magnet) මෙන් සමහර දේවල් ආකර්ෂණය කරන අතරම තවත් සමහරක් විකර්ෂණය (Repel) කිරීමට බිය නොවන්න. ඔබේ සැබෑ මතය ප්‍රකාශ කිරීම ඔබව Memorable චරිතයක් කරයි.

🧠 Keep your mind

Bold Point of View

ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ඉක්මනට බිල්ඩ් කරන්න ඕන කියල, ඔයාගේ අනන්‍යතාවයට ගැලපෙන්නේ නැති, Semantic Distance එක වැඩියි (වැඩි පරතරයක් තියෙන) දේවල් පස්සේ යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකට ලොකු හානියක්.

Step 05

ඔබ කරන දේ ලෝකයට පෙන්වන අතරම, ඒ දේ පිටුපස සිටින “ඔබව” සමාජයට විවෘත කරන්න. මිනිසුන් තොරතුරු වලට වඩා, ඒ තොරතුරු ලබාදෙන සැබෑ මිනිසුන්ව අනුගමනය කිරීමට ප්‍රිය කරයි.

  • ඔබේ සැබෑ ශක්තීන් (Humor, Intelligence) භාවිතා කරන්න.
  • Vulnerable moments සහ ඔබේ සැබෑ ගමන (Authentic journey) බෙදා ගැනීමට බිය නොවන්න.

ඔබේ Content බැලූ කෙනෙකුට ඔබේ පෞරුෂය ගැන වැටහීමක් නැත්නම්, ඔබ ගොඩනගන්නේ Personal Brand එකක් නොව, Content පද්ධතියක් පමණි.

The Real Reason

04. Audience එක ඇයි ඔයාව Follow කරන්නේ?

ඔබ genuinely follow කරන පුද්ගලයන් ගැන මොහොතක් හිතන්න. ඇයි ඔබ ඔවුන්ව follow කරන්නේ? Perfect content නිසාද? Aesthetic feed එකක් නිසාද?

“People may forget what you said. But they will never forget how you made them feel.”

ඔවුන් ඔබේ scroll එක නවත්වන්නට හේතුව වූයේ ඔවුන් තුළින් ඔබට ලැබුණු ඒ Feeling එකයි. එයයි ඔවුන්ගේ සැබෑ Brand එක.

💭 “Finally! someone who GETS it.”
💭 “She makes me feel understood.”
💭 “Inspired to be a better version of myself.”
💭 “She always makes me smile.”
💭 “If she can do it ! I can do it too.”

ඔබේ audience එකට දැනිය යුතු දේ තීරණය කරන්න. Inspired? Understood? Entertained? Hopeful? ඒ පිළිතුරට අනුව ඔබේ සියල්ල නිර්මාණය කරන්න. Personal Brand එකක් ගොඩනැගීමේදී ඔබේ දැක්ම විය යුත්තේ එයයි.

Handling Challenges

05. Negativity Face කරන්නේ කොහොමද?

When Criticism Comes

හමදේටම කලින් ඔබේ Mindset එක ධනාත්මක චින්තන රටාවකට (Positive thinking pattern) සකස් කරගන්න. ඔබ ධනාත්මකව හිතන්න පටන් ගත්තොත්, පිළිතුර මම කියන්නටත් කලින්ම ඔබට දැනේවි.

සමාජයෙන් හැංගිලා ඉන්න තාක් කල් ඔබට කිසිම Negative Comment එකක් එන්නේ නැහැ. මොකද ඔබ ඉන්නේ ඔබේ Comfort Zone එකේ.

නමුත් ඔබ එළියට ඇවිත් බ්‍රෑන්ඩ් එකක් ලෙස නැගී සිටින විට විවේචන එන්නට පටන් ගනී. එයින් අදහස් වෙන්නේ ඔබේ Brand එක දැන් මිනිසුන් අතරට ගොස් ඇති බවයි. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්නම්, මේ පියවර ජය ගැනීම ඉතාම ලේසියි.

🔥 Negative comment = ඔබේ brand එක Notice වෙලා. එය එක අතකින් Achievement එකක්.
🔥 Disagreement = ඔබට පැහැදිලි Point of view එකක් තිබීම. එය ඔබේ ශක්තියයි (Strength).
🔥 Haters = Wrong audience එක ඉවත් වී (Repelled), නිවැරදි audience එක ඔබ වෙත ඒමේ මාවත විවෘත වීම.
The Starting Point

06. Resources නැත්නම් Start කරන්නේ කොහොමද?

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි “වැඩේ ස්ටාට් කරන්න අවශ්‍ය Resources මගේ ළඟ නැහැ” කියන එක. මිල අධික කැමරා, මයික්‍රොෆෝන හෝ ලොකු ස්ටුඩියෝ ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම පර්සනල් බ්‍රෑන්ඩ් එකකට අවශ්‍ය වන්නේ ඒවා නෙවෙයි:

Your Authenticity
💡 Your Uniqueness
🚀 The way you present yourself to the world.

නිර්මාණශීලීව හිතුවොත්, ඔබේ ළඟ තියෙන පුංචි දෙයකින් වුණත් ලොකු ගමනක් ආරම්භ කරන්න ඔබට පුළුවන්.

START WITH WHAT YOU HAVE!

Your Brand = Your Power

Personal brand එකක් කියන්නේ ඔබට තියෙන Most Valuable Asset එකයි.

Pick your thing Pick your platform Add value Be bold

Share This Article

Sapuni Dheerasinha
Sapuni Dheerasinha
Articles: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *